IPL නිසා තවත් නවසීලන්ත ප්‍රධාන ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත් කෙරේ

Date:

තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

මයිකල් බ්‍රේස්වෙල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති බැවින් ඔහුව නවසීලන්ත සංචිතයෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයත් සමග මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

මීට පෙර එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදුව තිබෙනවා. බැංගලෝර් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි  3.2 ක මුදලකටයි ඔහුව සිය කණ්ඩායමට මිලදී ගෙන තිබුණේ.

විල් ජැක්ස් ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු වෙනුවට මයිකල් බ්‍රේස්වෙල් බැංගලෝර් කණ්ඩායමට ආදේශ කළ බව අයි.පී.එල් සංවිධායකයින් අද(18) නිවේදනය කළා.

නිත්‍ය නායක කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවෝන් කොන්වේ හා මිචෙල් සැන්ට්නර් යන ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඊට අමතරව ෆින් ඇලන්, ග්ලේන් පිලිප්ස් හා ලොකී ෆර්ගසන් යන ක්‍රීඩකයින් පළමු එක්දින තරගය සදහා පමණක් ක්‍රීඩා කරන අතර, ඉන් අනතුරුව ඔවුන් සංචිතයෙන් ඉවත් වී ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

එළඹෙන බදාදා දිනයේ දී ඔක්ලන්ඩ් හී දී රචින් රවීන්ද්‍ර නවසීලන්ත එක්දින සංචිතය සමග එක්වීමට නියමිතයි.

ඔහු නවසීලන්තය වෙනුවෙන් 20යි 20 හා ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇතත්, මෙතෙක් එක්දින වරම් දිනා ගැනීමට සමත්ව නැහැ.

එක්දින තරගාවලිය මාර්තු 25 වැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි.

ODI squad:

Tom Latham (c), Finn Allen (1st ODI only), Tom Blundell, Chad Bowes, Mark Chapman (2nd & 3rd ODIs only), Lockie Ferguson (1st ODI only), Matt Henry, Ben Lister (2nd & 3rd ODIs only), Daryl Mitchell, Henry Nicholls (2nd & 3rd ODIs only), Glenn Phillips (1st ODI only), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Rachin Ravindra

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...