IPL තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට අයි.පී.එල් බළධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ,  කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් සහ කණ්ඩායම්වලට සම්බන්ධ සාමාජිකයින් ජෛව ආරක්ෂිත බුබුල තුළින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින්.

මේ වන විට කණ්ඩායම් 4ක පමණ සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය ඇති බවට අණාවරණය වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ව්රිධිමන් සහාට මෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අමිත් මිශ්රාට ද මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව තරගාවලි සංවිධායකයින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිළධාරීන් අතර අද(4) දහවල් පැවැති සාකච්ඡාවකදී තරගාවලිය අත්හිටුවීමේ තීරණය ගෙන තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට (Sandeep Warrier) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ දී වාර්තා වුණා.

ඒ හේතුවෙන් කොල්කටා කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ(3) පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 30 වන තරගය ද කල් දැමීමටයි තීරණය කෙරුණේ.

පසුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද තහවුරු වුණා.

ALSO READ : IPL අර්බුදය දිග්ගැස්සෙයි – දිල්ලි කැපිටල්ස් සියලු සාමාජිකයින් නිරෝධායනයට

ALSO READ : කොරෝනා IPL බුබුලට රිංගයි, දෙදෙනෙකුට කොවිඩ් – අද තරගයත් අත්හිටුවයි

ALSO READ : කොරෝනා චෙන්නායි කණ්ඩායම ඇතුළටත් රිංගයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...