IPL තරගාවලියේ සත්කාරක රට තීරණය කෙරේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව “ටයිම්ස් ඔෆ් ඉන්දියා” වාර්තා කරනවා.

Syed Mushtaq Ali T 20 තරගාවලිය සාර්ථකව එරටදී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය සමත්වීමත් සමගයි ඔවුන් අයි.පී.එල් තරගාවලිය ද සිය රටේදී පැවැත්වීමට මේ වන විට සූදානමින් පසුවන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට සිදු වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී යි.

මෙවර අයි.පී.එල් තරගාවලියට පෙර තවත් දේශීය තරගාවලි ද්විත්වයක් ද සංවිධාන කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, වසර 87කට පසුව ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ රංජි කුසලාන තරගාවලිය මෙවර නොපැවැත්වීමටයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරග වාරය මෙම වසරේ අප්‍රේල් දෙවැනි සතියේ දී පමණ ආරම්භ වීමට සැලසුම් කර ඇති අතර, ජූනි මුල් සතියේ දී තරගාවලිය නිමා වනු ඇති.

ඉන්දියාවේ තෝරා ගත් ක්‍රීඩාංගන කිහිපයකදී අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත බැවින් මෙවර අයි.පී.එල් තරගාවලිය එරටදී ම පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් ආයතනයට අතිශය වැදගත්.

ALSO READ : IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...