IPL තරගාවලියට නව නීති දෙකක්

Date:

පන්දුව පිරිමැදීම සදහා කේඨය (කෙල) යොදා ගැනීමට එරෙහිව පනවා ඇති තහනම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම අයි.පී.එල් තරගවල දෙවැනි ඉනිමේදී පන්දු දෙකක් යොදා ගැනීමට ද තීරණය කර ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

දෙවැනි පන්දුව සෑම දෙවැනි ඉනිමකම 11 වැනි පන්දුවාරයෙන් පසුව යොදා ගැනෙන අතර, මෙහි මූලික අරමුණ වී ඇත්තේ රාත්‍රී කාලයේ පැවැත්වෙන තරඟවලට බොහෝ විට පින්නෙන් සිදු වන බලපෑම අවම කර ගැනීමයි.

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් අද(20) මුම්බායිහීදී අයි.පී.එල් කණ්ඩායම් නායකයින් හා කලමනාකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇති බව සදහන්.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...