ශකිබ්ට එරෙහි තහනම ඉවත් කෙරේ

Date:

ශකිබ් අල් හසාන්ට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේදී (County Championship) හා හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේදී පන්දු යැවීම සදහා යළි අවසර හිමිව තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බවට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය තහවුරු කිරීමත් සමගයි.

ශකිබ් මාර්තු 9 වැනිදා Loughborough විශ්ව විද්‍යාලයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද තෙවැනි පරීක්ෂණයට මුහුණ දුන් අතර, එහිදී ඔහු යොමු කළ පන්දු විසි දෙකම නීත්‍යානුකූල බවට හදුනා ගෙන තිබෙනවා.

2024 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශකිබ් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා කර තිබුණේ. එය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි.

අනතුරුව ඔහු Loughborough විශ්ව විද්‍යාලයේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයට මුහුණ දුන් අතර, එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට තහවුරු වූ නිසා ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය දෙසැම්බර් මාසයේදී පියවර ගත්තා.

නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් සඳහා වන ICC රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව ජාතික ක්‍රිකට් ආයතනයක් විසින් පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බැවින් ක්‍රීඩකයෙකුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවූ විට එම තහනම ජාත්‍යන්තර තරග සදහා හා වෙනත් රටවල දේශීය තරග සදහා ද බලපැවැත්වෙනවා.

ශකිබ් පසුගිය ජනවාරි මාසයේදී චෙන්නායිහීදී දෙවැනි පරීක්ෂණයට ද මුහුණ නමුත්, ඔහු එය ද අසමත් වුණා. ඒ හේතුවෙන් ශකිබ්ට නිමා වූ ශූරයින්ගේ කුසලානය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...