IPL තරගාවලියට ඉන්දීය රජයේ අනුමැතිය

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ඉන්දීය රජයේ අනුමැතිය එරට ක්‍රිකට් ආයතනයට හිමිව තිබෙනවා.

අයි.පී.එල් පාලක සභාවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් ඒ බව තහවුරු කළ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය සදහන් කරන්නේ.

ඉන්දියාවේ ක්‍රීඩා සංගමයක් සංවිධාන කරන දේශීය තරගාවලියක් වෙනත් රටක පවත්වන්නේනම් ඒ සදහා එරට රජයේ අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍යවනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

සාජා, අබුඩාබි සහ ඩුබායි යන නගර වලදී තරගාවලිය පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය ලිඛිත අනුමැතිය තමන් වෙත ලැබුණු බවයි අයි.පී.එල් පාලක සභාවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් සදහන් කර ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට එක් වන බොහෝ කණ්ඩායම් අගෝස්තු 20 වනදායින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ළගා වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...