පාකිස්තාන ක්‍රිකට් ආයතනය අක්මාල්ට එරෙහි වෙයි

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට එරෙහිව පැනවූ වසර 3ක ක්‍රිකට් තහනම මාස 18කින් අවම කිරීමට ගෙන ඇති තීන්දුව අභියෝගයට ලක් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා සදහා වන බේරුම්කරණ අධිකරණය හමුවේයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක ක්‍රිකට් තහනමක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබුවේ.

කෙසේ වෙතත්, එම තහනම වසර එකහමාරක් දක්වා අඩු කිරීමට ඔහුගේ අභියාචනය සලකා බැලූ ස්වාධීන විනිසුරුවරයා පසුගියදා තීන්දු කළා.

ඒ අනුව ඔහුට ලබන වසරේ අගෝස්තු මාසයේ දී යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව උදා වනවා.

කෙසේ වෙතත්, එම තීන්දුව අභියෝගයට ලක් කිරීමටයි මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා කිරීමට දෙවරක්ම අසමත් වීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...