IPL ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේ සාරාංශය මෙන්න

Date:

සෞදි අරාබියේ Jeddah හීදී ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදී ක්‍රීඩකයින් 72 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

ඉරිදා (24) පස්වරු 3:30 ට ආරම්භ වූ ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේ කටයුතු රාත්‍රී 11:00 ට පමණ අවසන් කෙරුණු අතර, වෙන්දේසියේදී මේ දක්වා අලෙවි වී ඇති විදෙස් ක්‍රීඩකයින් ගණන 24 ක්.

පළමු දිනයේ දී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ක්‍රීඩකයින් 84 දෙනාගෙන් 12 දෙනෙකු අලෙවි වූයේ නැහැ. ඒ අතරට ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටව් හා දෙව්දත් පඩික්කල් වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා කණ්ඩායම් විසින් මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 467.95 ක මුදලක් වියදම් කර අවසන්.

වෙන්දේසියට ක්‍රීඩකයින් 577 දෙනෙකු ඉදිරිපත් කෙරෙන අතර, ඊට ඉන්දීය ක්‍රීඩකයින් 367 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 210 දෙනෙකු ඇතුළත්. වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිතයි. ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් 

වෙන්දේසියේ පළමු දිනයේදී වාර්තා බිද දමමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම කැපී පෙනුණා.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අලෙවි වෙමින් නව වාර්තාවක් බිහි කිරීමට ඉන්දියාවේ ෂ්රෙයස් අයියර් සමත් වූ නමුත්, ඔහුගේ එම වාර්තාව සුළු වේලාවකින් බිද දැමීමට රිෂාබ් පාන්ට්ට හැකි වීම කැපී පෙනුණා.

වෙන්දේසියේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකටයි. එහි වටිනාමක ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 92 ක් පමණ වනවා.

කෙසේ වෙතත්, සුළු වේලාවකට පසුව රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අලෙවි වුණේ ඉන්දීය රුපියල් කෝටි 27 ක වාර්තාගත මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 93 ක පමණ වටිනාකමක් වනවා.

මෙවර වෙන්දේසියේ පළමු දිනයේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් හය දෙනා – (මිල ගණන් – ඉන්දීය රුපියල් කෝටි)

  1. Rishabh Pant – Lucknow Super Giants – 27 Cr
  2. Shreyas Iyer – Punjab Kings – 26.75 Cr
  3. Venkatesh Iyer – Kolkata Knight Riders – 23.75 Cr
  4. Arshdeep Singh – Punjab Kings (RTM) – 18 Crore
  5. Yuzvendra Chahal – Punjab Kings – 18 Cr
  6. Jos Buttler – Gujarat Titans – 15.75 Cr

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේ කටයුතු සදුදා (25) පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ද සජීවී ලෙස ඔබට sinhala.hitwicket.lk/ වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු ද ඉදිරිපත් කෙරෙනවා. පළමු දිනයේදී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.

වෙන්දේසියට පළමුව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ මහීෂ් තීක්ෂණයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4.40 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 ක පමණ අගයක්) මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තීක්ෂණව මිලදී ගැනීම සදහා පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලංසු ඉදිරිපත් කරමින් සටනට පිවිසුණා. කෙසේ වෙතත්, ඔහුව මිලදී ගැනීමට සමත් වුණේ රාජස්ථාන් කණ්ඩායමයි.

අනතුරුව වනිදු හසරංග ද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා. ඔහුට ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ලංසු ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, ඔහුව රාජස්ථාන් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5.25 ක ලංසු මුදලකටයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18 ක් පමණ වනවා.

ඉදිරිපත් කිරීමට නියමිතව ඇති හා මෙතෙක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිබද තොරතුරු පහතින් – (දෙවැනි දිනයේ කටයුතුවලින් පසුව යවත්කාලීන කර ඇත)

[wpdatatable id=33]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...