සිම්බාබ්වේ හමුවේ පාකිස්තානය පළමු එක්දින තරගය පරදියි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු 80 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

බුලවායෝහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට පන්දුවාර 40.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

පිතිකරණයට අසීරු තණතීරුවක පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තානය පන්දුවාර 21 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ සිම්බාබ්වේ පිලට ජය හිමි වුණා. ඒ, පන්දුවාර 21 ක් නිමා වන විට පාකිස්තානය ජයග්‍රහනය කිරීමටනම් කඩුලු හයක් දැවී ලකුණු 141 ක් ලබා සිටිය යුතු වූ බැවින්.

නායක මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, කම්රන් ගුලාම් ලකුණු 17 කටත්, සයීම් අයුබ් ලකුණු 11 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි, ශෝන් විලියම්ස් හා සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් බිදු හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රිචර්ඩ් එන්ගරාවා ලකුණු 48 ක් හා සිකන්ඩ රාසා ලකුණු 39 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සල්මන් ආගා හා ෆයිසාල් අක්‍රම් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...