IPL ඉතිහාසයේ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව සමගින් ලක්නව් කණ්ඩායමට සුපිරි ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ 38 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට අද(28) සමත් වුණා.

මොහාලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ ලක්නව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් වුණා.

අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2013 වසරේ දී පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් දැවී වාර්තා කළ ලකුණු 263 යි. ඒ අනුව එම වාර්තාව ලකුණු 7 කින් තවදුරටත් ආරක්ෂා වුණා.

ලක්නව් කණ්ඩායම වෙනුවෙන් කේ එල් රාහුල් ලකුණු 12 කට දැවී ගිය අතර, අනෙක් ආරම්භක පිතිකරු වූ ක්යල් මේයර්ස් ලකුණු 54 ක් රැස් කළේ පන්දු 24 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

අයුෂ් බදෝනි පන්දු 24 කින් ලකුණු 43 ක් ලබා ගත්තා. මර්කස් ස්ටොයිනිස් පන්දු 40 කින් වේගවත් ලකුණු 72 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 6 ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 19 කින් ලකුණු 45 යි. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 52 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 19.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

Atharva Taide ලකුණු 66 ක් රැස් කළේ පන්දු 36 කින්. සිකන්ඩ රාසා ලකුණු 36 කට දැවී ගියා. පන්දු යැවීමේ දී යශ් තාකූර් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 37 ක් ලබා දෙමින්. නවීන් උල් හක් කඩුලු 3 ක් හා රවී බිෂ්නෝයි කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...