IPL ආරම්භය අභියස ඔස්ට්‍රේලියානු ප්‍රබලයෙක් තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහුව පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට කටයුතු කළා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 1.5 කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේයි.

කුමාර් සංගක්කාරගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් සංචිතය සතුව ඉන්දියාවේ සිටින ප්‍රධානම දග පන්දු යවන්නන් දෙදෙනකු වන ආර්. අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් ද රැදී සිටිනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද(22) චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...