IPL අර්බුදයකට ලක් කරමින් දිල්ලි කණ්ඩායමෙන් තවත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සම්බන්ධ  තවත් සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කැපිටල් සංචිතයේ සිටින විදෙස් ක්‍රීඩකයෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර පසුගිය සිකුරාදා එම කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැනුණා.

මාර්තු 26 වැනිදා ආරම්භ වූ මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් කොවිඩ් 19 ආශ්‍රිත සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව එයයි.

ඒ හේතුවෙන් පසුගිය සෙනසුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයෙන් අනතුරුව කැපිටල්ස් ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් ප්‍රතිවාදී කණ්ඩායමට ආචාර කිරීම වෙනුවෙන් අතට අත දීමෙන් ද වැළකී සිටියා.

කැපිටල්ස් කණ්ඩායම ලබන බදාදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සිය මීළඟ තරඟයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

එම තරඟයට සහභාගි වීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද දිනයේ දී මුම්බායි සිට පූනේ දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...