බංග්ලාදේශ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා මුහුණ දී සිටින ආබාධ තත්ත්වයන් හේතුවෙන්.

ටස්කින්ට සමස්ත ටෙස්ට් තරගාවලියම අහිමි වීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි ටස්කින් අහ්මඩ්ගේ දකුණු උරහිසෙහි ආබාධ තත්ත්වයක් ඇති වුණේ. ඒ හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වුණා.

වළලුකර ආබාධයකට ලක්වීම නිසා ශොරිෆුල් ඉස්ලාම්ට දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු එම ආබාධයෙන් සුවය ලබා ඇතත්, ඔහුගේ උදරය ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කිරීම සදහා ශොරිෆුල් ඉස්ලාම්ව විදෙස් ගත කිරීමට නියමිතව ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...