කෝටි 16.25 ක ගිවිසුම අතරමැද අත්හැරීමට බෙන් ස්ටොක්ස් සූදානම්

Date:

අවශ්‍යතාවයක් ඇති වුවහොත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරගවලින් ඉවත් වීමට තමා සූදානම් බව එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් පවසනවා.

ජූනි පළමු වැනිදා අයර්ලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වීමේ අපේක්ෂාවෙන් ඔහු එලෙස අයි.පී.එල් තරගාවලියේ අවසන් තරග කිහිපයෙන් ඉවත් වීමටයි අපේක්ෂාවෙන් පසුවන්නේ.

අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය මැයි 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එනම්, අයර්ලන්ත ටෙස්ට් තරගය ආරම්භ වීමට දින 4කට පෙරයි.

එම ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජූනි 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී බෙන් ස්ටොක්ස් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති අතර, ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක ලංසු මුදලකටයි.

ජොෆ්ර ආචර්, මාර්ක් වුඩ්, සෑම් කරන්, හැරී බෘෘක් හා ජොනී බෙයාර්ස්ටව් වැනි එංගලන්ත ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ස්ටොක්ස් සදහන් කළේ අලුබදුන තරගාවලියට හොදින් සූදානම් වීමට හොදම ක්‍රමවේදය කුමක්දැයි සිය කණ්ඩායමේ සාමාජිකයින් සමග තමා සාකච්ඡා කරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...