ධනුෂ්ක ගුණතිලකට අධිකරණයෙන් අද ලබා දුන් සහනය මෙන්න

Date:

ඔස්ට්‍රේලියාවේ දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනා 4 ක් යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කර තිබෙනවා.

ඒ, ඔහු අද(23) යළි සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුගේ ඇප කොන්දේසි දෙකක් ලිහිල් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු අතර, ඒ සදහා මහේස්ත්‍රාත් Jennifer Atkinson විසින් අවසර ලබා දෙනු ලැබුවා.

ඒ අනුව වට්ස්ඇප් භාවිතා කිරීම සදහා ඔහුට අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, අනෙකුත් සමාජජාලා මාධ්‍ය පරිහරණය කිරීමට ඔහුව තවදුරටත් අවසර හිමි වන්නේ නැහැ.

එමෙන්ම රාත්‍රී කාලයේ දී ඔහුට එරෙහිව පනවා තිබූ ඇදිරි නීතිය ද ඉවත් කිරීමට අධිකරණය නියම කර තිබෙනවා.

“ඉතා දැඩි ඇප කොන්දේසි සදහා ඔහු කාලයක් තිස්සේ අනුකූලව සිටියා.” යනුවෙන් මහේස්ත්‍රාත්වරිය සදහන් කළා. “අද මම සෑහීමකට පත් වෙනවා ඇඳිරි නීතිය ඉවත් කළ හැකි බවට”

කෙසේ වෙතත්, සෙසු ඇප කොන්දේසි සදහා අඛණ්ඩව අනුකූල විය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය සෘජුවම ධනුෂ්ක ගුණතිලකට නියම කර සිටියේ.

පසුගිය වසරේ නොවැම්බර් දෙවැනිදා සිදු වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණේ පසුගිය නොවැම්බර් 17 වැනිදායි.

එහිදී දිනපතාම පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට ඔහුට නියම කෙරුණු අතර, සමාජ මාධ්‍ය ගිණුම් පරිහරණය කිරීම අවහිර කිරීමටත්, රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීති කාලයකට ඔහුව යටත් කිරීමටත් ඇප කොන්දේසි යටතේ අධිකරණය පියවර ගත්තා.

ඩොලර් 200,000 ක ඇපයක් මත එදින ඔහුව මුදා හැරුණේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...