ICC Rankings : මහීෂ් තීක්ෂණ පෙරමුණට ළගා වෙයි

Date:

නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) නිවේදනය කළා.

ඊට අනුව නිමා වූ නවසීලන්ත තරග සංචාරයේදී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

නවසීලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේදී ඔහු කඩුලු ත්‍රිත්වයක් ද සමග ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත් අතර, තෙවැනි එක්දින තරගයේදී ලකුණු 35 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තීක්ෂණට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 663 ක් හිමිව ඇති අතර, පළමු ස්ථානයේ රැදී සිටින රෂීඩ් ඛාන්ට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 669 ක් පමණයි.

ශ්‍රේණිගත ලකුණු 665 ක් සමග කුල්දීප් යාදව් දෙවැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර, වනිදු හසරංග 24 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, අසිත ප්‍රනාන්දු ස්ථාන 34 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 97 වැනි ස්ථානය දක්වායි.

පැතුම් නිස්සංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා. චරිත් අසලංක 18 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 5 කින්. කුසල් මෙන්ඩිස් රැදී සිටින්නේ 27 වැනි ස්ථානයේයි.

ජනිත් ලියනගේ ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 57 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු 66 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 8කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...