ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන සංශෝදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහනට සංශෝදන රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරය සදහා එක් එක්දින තරගයක් වෙනුවට තරග දෙකකින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත බවයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කර එලෙස අමතර එක්දින තරගයක් මෙම සංචාරය සදහා ඇතුළත් බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

මීට පෙර එක්දින තරගය හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අද නිකුත් කළ කාලසටහනට අනුව එක්දින තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. තරග දෙකම දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගය මීට පෙර දිවා රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වැනිදාට යෙදී තිබුණා. නමුත් සංශෝදින කාලසටහනට අනුව පළමු එක්දින තරගය පෙබරවාරි 12 වැනිදා ද, දෙවැනි තරගය 14 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙනවා. මීට පෙර ඔවුන් ජනවාරි 20 වැනිදායි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ.

ටෙස්ට් තරගාවලිය නියමිත පරිදි ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වනවා.

සංශෝදින තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...