ICC Rankings : අසිත ප්‍රනාන්දු පළමු වරට මුල් 10 දෙනා අතරට

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එංගලන්තයට එරෙහිව නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද පිත්තෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටින කමිදු මෙන්ඩිස් පිතිකරුවන් අතර 25 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 11 කින්.

දිමුත් කරුණාරත්න 13 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, ධනංජය ද සිල්වා 16 වැනි ස්ථානයේ රැදී සිටිනවා. දිනේෂ් චන්දිමාල් තවදුරටත් 23 වැනි ස්ථානයේ පසුවනවා.

කෙසේ වෙතත්, ඇන්ජෙලෝ මැතිව්ස් ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 27 වැනි ස්ථානයයි.

දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 8ක් දවා ගත් අසිත ප්‍රනාන්දු පළමු වරට පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පිවිස තිබෙනවා. ඔහු 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9කින්.

ප්‍රභාත් ජයසූරිය 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් පහතට ඇද වැටී තිබෙනවා. ලහිරු කුමාර 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...