ICC සම්මාන සදහා නිර්දේශිත ක්‍රීඩකයින්ට ප්‍රේක්ෂක මනාප පල කිරීම ඇරඹේ

Date:

2021 වසරට අදාළ අයි.සී.සී සම්මානලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සදහා දායකත්වය දැක්වීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ද මේ වන විට හිමිව තිබෙනවා.

පසුගිය මාසය අවසානයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රධාන අයි.සී.සී සම්මාන 7ක් සදහා නිර්දේශිත නාම නිවේදනය කළා.

එම සෑම සම්මානයක් සදහාම නිර්දේශිත නාම 4 බැගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වුණා.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නම නිර්දේශ කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

වසරේ 20යි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශ කෙරුණා.

ඒ අනුව නිර්දේශිත නාම අතරට අයත් ක්‍රීඩකයින් සදහා සිය මනාපය පල කිරීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට මේ වන විට උදා වී තිබෙනවා.

එම මනාප ද සැලකිල්ලට ගනිමිනුයි මෙවර අයි.සී.සී සම්මානලාභීන් තෝරා ගනු ලබන්නේ.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා හා 20යි 20 ක්‍රීඩකයා ඇතුළු සෙසු ප්‍රධාන අයි.සී.සී සම්මාන (පිරිමි අංශයේ) හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...