ICC වාර්ෂික සමුළුව කොළඹ දී

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, සමුළුව පැවැත්වෙන දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

බොහෝ විට වාර්ෂික සමුළුව ජූලි මාසයේ තෙවැනි සතියේ දී පමණ පැවැත්වීමට ඉඩ ඇති බව ද සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගිය කාලයේ දී අයි.සී.සීය විසින් පැනවූ තාවකාලික තහනම හේතුවෙන් මෙම සමුළුව ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීමේ දැඩි අවධානමක් මතුව තිබුණා.

මෙම වාර්ෂික සමුළුවේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට ඉඩ පවතිනවා.

එමෙන්ම අයි.සී.සී සභාපතිවරයාගේ ධූර කාලය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට පවතින වසර දෙකක ධූර කාලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, සභාපතිධූරය දැරිය හැකි වාර ගණන තුනේ සිට දෙක දක්වා අවම කිරීමටත් අවධානය යොමු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...