තාකූර්ගේ කඩුලු පහ හා ස්ටොයිනිස්ගේ 58 ලක්නව් පිලට ජය ගෙනෙයි

Date:

යශ් තාකූර් බිද හෙලූ කඩුලු පහ හා මර්කස් ස්ටොයිනිස් වාර්තා කළ අර්ධ ශතකය හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 6 ක් තුළ ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ෂුබ්මන් ගිල් හා සායි සුදර්සන් සමත් වූ පසුබිමකයි ටයිටන්ස් කණ්ඩායමෙන් මෙම තරගයේ ජයග්‍රහනය ගිලිහී ගියේ.

පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව විශිෂ්ඨ අන්දමින් සටනට අවතීර්ණ වූ ලක්නව් පන්දු යවන්නන් ගුජරාට් පිලේ සියලු බලාපොරොත්තු බොද කර දැමුවා.

සායි සුදර්සන් ලකුණු 31 ක්, ෂුබ්මන් ගිල් ලකුණු 19 ක් රැස් කළ අතර, විජයි ශන්කර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17 ක්. රාහුල් තෙවාටියා ලකුණු 30(25) යි.

පන්දු යැවීමේ දී යශ් තාකූර් කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්. කෘනාල් පාන්ඩ්යා ලකුණු 11 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල වෙනුවෙන් ස්ටොයිනිස් ලකුණු 58 ක් රැස් කළේ පන්දු 43 කින්. හයේ පහර 2 ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නිකලස් පූරාන් පන්දු 22 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් ඉනිමට අවශ්‍ය අවසානය ලබා දුන්නේ හයේ පහර 3ක් ද සමගින්. කේ එල් රාහුල් ලකුණු 33 යි.

පන්දු යැවීමේ දී උමේෂ් යාදව් හා දර්ශන් නාල්කන්ඩේ කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...