ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විසින් දිනා ගෙන තිබෙනවා.

ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පසුගිය දිනවල සිම්බාබ්වේ හී දී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඔහු දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

සිම්බාබ්වේ පිතිකරු ‍ශෝන් විලියම්ස් හා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටියා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ වනිදු හසරංග ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.

ජූනි මාසයේ දී වනිදු බිද හෙලූ සමස්ත කඩුලු ගණන 26 ක්.

හසරංග සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්. එලෙස අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. මීට පෙර පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් 1990 වසරේ දී අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 බැගින් බිද හෙලා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...