සිව්වැනි අළුබදුන සටනට එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

තෙවැනි තරගය සදහා නම් කෙරුණු සංචිතයම සිව්වැනි තරගය සදහා ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව බෙන් ෆෝක්ස්ට මෙම සංචිතයේ ද ස්ථානයක් හිමිව නොමැති අතර, සිව්වැනි තරගයේ දී ද කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ජොනී බෙයාර්ස්ටව් කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

සිව්වැනි අළුබදුන ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...