ICC තරගාවලියන්හි සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17ක් ඉදිරිපත් වෙයි

Date:

2023 වසරෙන් පසුව පැවැත්වෙන අයි.සී.සී සීමිත පන්දුවාර තරගාවලියන්හි (පිරිමි) සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.

2024 වස‍රේ සිට 2031 වසර දක්වා අතර කාලයට එක්දින ලෝක කුසලාන 2ක්, 20යි 20 ලෝක කුසලාන 4ක් සහ ශූරයින්ගේ කුසලාන 2ක් ඇතුළත්.

ඒ අනුව එම තරගාවලිවල සත්කාරකත්වය ලබා ගැනීමට කැමැත්ත දක්වන රටවල් සදහා ඊට අදාළ මූලික තාක්ෂණික යෝජනාවක් අයි.සී.සීය වෙත ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබුණා.

එහිදී රටවල් තනි තනිව මෙන්ම ඒකාබද්ධ යෝජනා ද ඉදිරිපත් කර ඇති බව සදහන්.

ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17ක් ඇතුළත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, මැලේසියාව, නැමීබියාව, නවසීලන්තය, ඕමානය, පාකිස්තානය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන රටවල් එලෙස මූලික යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

“අපි දැන් මේ ක්‍රියාවලියේ දෙවන අදියර කරා ඉදිරියට යනවා. ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙම වසර අගදී අපගේ අනාගත සත්කාරක රටවල් පිළිබඳව තීරණ ගැනීමට පෙර සාමාජිකයින් (රටවල්) විසින් වඩාත් සවිස්තරාත්මක යෝජනාවක් ලබා දීමට නියමිතයි.” යනුවෙන් අයි.සී.සී වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice සදහන් කළා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියන්හි අවසන් මහා තරගවල සත්කාරක රටවල්, කාන්තා සහ අවුරුදු 19න් පහළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් පිළිබද තීරණය කිරීම සදහා මෙම වසර අවසානයේ දී වෙනම ක්‍රියාවලියක් ආරම්භ කරන බව ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර සිටියා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සහ ශූරයින්ගේ කුසලාන තරගාවලිය යන ප්‍රධාන පිරිමි තරගාවලි ත්‍රිත්වය වෙනුවෙන්ම සත්කාරකත්වය දැරීම සදහා සිය කැමැත්ත ප්‍රකාශ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...