ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් – ඉන්දියාව ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(19) ප්‍රකාශයට පත් කළා.

ඒ, නිමා වූ ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි.

ඒ අනුව එහි පෙරමුණ තවදුරටත් රැක ගැනීමට නවසීලන්තය සමත් වී තිබෙනවා.(ප්‍රසාද ලකුණු 118.44)

කෙසේ වෙතත්, මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔවුන් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 113ක්.

තෙවැනි ස්ථානයේ පසු වූ ඉන්දියාව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ලැබූ ජයග්‍රහනය හේතුවෙන්.

ඔවුන් ප්‍රසාද ලකුණු 117.65ක් හිමි කර ගෙන සිටිනවා.

එංගලන්තය සිව්වන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානයේත් පසුවනවා.

ශ්‍රී ලංකාව තවදුරටත් එහි 6 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 86ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...