Day 3 Report : නවසීලන්තය ජයග්‍රහනයට ලකුණු 258 ක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද(02) වෙලින්ටන් හී දී නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 369 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 258 ක් ලබා ගත යුතුයි.

රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 56 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 12 යි. ටොම් ලේතම් ලකුණු අටකටත්, විල් යන්ග් ලකුණු 15 කටත්, කේන් විලියම්සන් ලකුණු 9කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නේදන් ලයන් කඩුලු දෙකක් හා ට්‍රැවිස් හෙඩ් කඩුල්ලක් දවා ගත්තා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 13 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164 ක්.

නේදන් ලයන් ලකුණු 41 ක්, කැමරන් ග්‍රීන් ලකුණු 34 ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 29 රැස් කළා. උස්මාන් කවාජා ලකුණූ 28 යි.

පන්දු යැවීමේ දී ග්ලේන් පිලිප්ස් ලකුණු 45 කට කඩුලු 5ක් දවා ගත්තා. 2008 වසරෙන් පසුව ටෙස්ට් තරගයකදී නවසීලන්තයේ දී කඩුලු 5ක් දවා ගත් පළමු නවසීලන්ත දග පන්දු යවන්නා වන්නේ ඔහුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 383 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 179 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...