ලාන්ස් ක්ලූස්නර්ට අයි.පී.එල් කණ්ඩායමකින් තනතුරක්

Date:

2024 අයි.පී.එල් අදියර වෙනුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස දකුණු අප්‍රිකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ලාන්ස් ක්ලූස්නර් පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවැන්වෙන SA20 තරගාවලියේ දී ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කරනවා.

එම කණ්ඩායමේ දෙකේම හිමිකාරීත්වය දරන්නේ RPSG සමූහයයි.

ලක්නව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජස්ටින් ලැන්ගර් කටයුතු කරන අතර, සහාය පුහුණුකරුවෙකු ලෙස S Sriram කටයුතු කරනවා.

අයි.පී.එල් තරගාවලියට පුහුණුකරුවෙකු ලෙස ලාන්ස් ක්ලූස්නර් එක්වන දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ඔහු කටයුතු කර තිබුණා.

ක්ලූස්නර්ගේ පුහුණුකාරීත්වය යටතේ Guyana Amazon Warriors කණ්ඩායම පසුගිය වසරේ දී කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...