Day 2 Report : ග්‍රීන්ගේ 174* න් පසු නවසීලන්තය 179 ට දැවී යයි

Date:

කැමරන් ග්‍රීන්ගේ නොදැවුණු ලකුණු 174 හා නේදන් ලයන් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(01) වෙලින්ටන් හී දී නිමා වුණේ තරගයේ වැඩි පාලනය ඔස්ට්‍රේලියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 13 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 217 ක්.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 279 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 383 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

ග්‍රීන්ගේ නොදැවුණු ලකුණු 174 ට හයේ පහර 5ක් හා හතරේ පහර 23 ක් ඇතුළත්. ඔහු ජොෂ් හේසල්වුඩ් සමග අවසන් කඩුල්ල සදහා ලකුණු 116 (188) ක සම්බන්ධතාවයක් පිහිටුවනු ලැබුවා. හේසල්වුඩ් ලකුණු 22 යි.

මිචෙල් මාෂ් ලකුණු 40 ක්, උස්මාන් කවාජා ලකුණූ 33 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 31 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 70 කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි. එයද ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 29 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

කෙසේ වෙතත්, ග්ලේන් පිලිප්ස් ලකුණු 71 ක්, මැට් හෙන්රි ලකුණු 42 ක් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 33 ක් ලබා ගනිමින් නවසීලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 43 කට කඩුලු 4ක් දවා ගත් අතර, ජොස් හේසල්වුඩ් කඩුලු දෙකක් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ස්ටීවන් ස්මිත් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ටිම් සවුති ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම සමත් වුණා. මර්නස් ලබුෂේන් ලබා ගත්තේ ලකුණු දෙකක් පමණයි. ඔහු ද සවුතිගේ පන්දුවක් හමුවේ දැවී ගියා. උස්මාන් කවාජා නොදැවී ලකුණු 5 ක් හා නේදන් ලයන් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...