Day 1 Report : මාර්ක්ගේ කඩුලු 5 හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව අයර්ලන්තයට

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(28) අබුඩාබි හී දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව අයර්ලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100 ක්.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 155 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව අයර්ලන්තය පළමු ඉනිමේ දී තවත් ලකුණු 55 ක් පිටුපසින් පසුවනවා.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් මෙම තරගයේ දී රහ්මනුල්ලාහ් ගුර්බාස් ටෙස්ට් වරම් දිනූ අතර, අයර්ලන්තය වෙනුවෙන් Barry McCarthy, Craig Young හා Theo van Woerkom ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ඊබ්‍රහීම් සඩ්‍රාන්. ඔහු ලකුණු 53 කට දැවී ගිය අතර, කරීම් ජනට් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 39 කට කඩුලු පහක් බිද හෙලුවා.

අයර්ලන්ත පිළිතුරු ඉනිම වෙනුවෙන් කර්ටිස් කැම්පර් ලකුණු 49 ක් ලබා ගත්තා. හැරී ටෙක්ටර් නොදැවී ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී නවීඩ් සඩ්‍රාන් හා සියා-උර්-රහ්මාන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...