නවතම ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නිවේදනය කර තිබෙනවා.

ඊට අනුව ඉන්දියාවට එරෙහි ‌සිව්වැනි ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ ‌එංගලන්තයේ ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා පියවර දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

එමෙන්ම දග පන්දු යැවීමෙන් ඔහු කණ්ඩායමට දක්වන දායකත්වය හේතුවෙන් ජෝ රූට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානය දක්වා ද ස්ථාන තුනකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය පුරා ලකුණු අතර රැදී සිටින ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් මේ වන විට 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු එහි රැදී සිටියේ 69 වැනි ස්ථානයේයි.

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී මේ දක්වා ඉනිම් අටකදී ඔහු ලකුණු 655 ක් ලබා ගෙන ඇති අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 93.57 ලෙසයි. ඒ අනුව ඔහු ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා ස්ථාන 57 කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමණ තවදුරටත් කේන් විලියම්සන්ට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ස්ටීවන් ස්මිත්. දිමුත් කරුණාරත්න 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ තවදුරටත් ජස්ප්‍රිට් බුම්රා විසින් හොඹවන අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ආර් අශ්වින්. ඔවුන් දෙදෙනා අතර පරතරය මේ වන විට ශ්‍රේණිගත ලකුණු 21 ක් දක්වා අවම වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් සමත්ව සිටිනවා. ඒ, නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

විස්සයි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ එංගලන්තයේ අඩිල් රෂීඩ්ට හිමිව ඇති අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් වනිදු හසරංගට හා මහීෂ් තීක්ෂණට හිමියි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...