එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.
B කාණ්ඩය යටතේ ඔවුන් තරග වදින අතර, නවසීලන්තය හමුවේ පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකාවයි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

