සිම්බාබ්වේ හමුවේ බංග්ලාදේශය පළමු 20යි 20 පරදියි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ නුවර පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක පරාජයක් ලැබීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට අද (30) සිදු වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති මෙම තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 206 ක ඉලක්කයක් ලබා දීමට පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

නියමිත පන්දුවාර 20 තුළ සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 205 ක් වාර්තා කළේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදීයි.

Wessly Madhevere ලකුණු 67 (46) ක් රැස් කළ අතර, සිකන්ඩ රාසා නොදැවී ලකුණු 65යි.පන්දු 26 ක් පමණක් වැය කරමින් රාසා රැස් කළ ලකුණු 65ට හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් ඇතුළත්. ශෝන් විලියම්ස් ලකුණු 33 යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 50කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණයි.

නායක නුරුල් හසාන් ලකුණු 42 (26)ක් නොදැවී වාර්තා කළ අතර, නජ්මුල් හොසේන් ලකුණු 37 ක් හා ලිටොන් දාස් ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවිමේ දී Luke Jongwe ලකුණු 34 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...