CT 2025 : ඉන්දීය තරග ශ්‍රී ලංකාවේ දී පවත්වන්න අයි.සී.සීයට යෝජනාවක් ගෙන එන ලකුණු

Date:

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පිටත් නොකිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ANI පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව ක්‍රීඩා කරන තරග ඩුබායි හී දී හෝ ශ්‍රී ලංකාවේ දී පවත්වන ලෙසට අයි.සී.සීයට දැනුම් ‌දෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි‍.

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග ලාහෝර් හී දී පැවැත්වීමටයි මූලික තරග කාලසටහන ඔස්සේ පාකිස්තානය යෝජනා කර ඇත්තේ.

කෙසේ වෙතත්, තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්තෙන් ‌පසු නොවන බව සදහන්.

2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ද පාකිස්තානයට හිමිව තිබූ අතර, එම තරගාවලිය සදහා ද එරටට ගමන් නොකිරීමට ඉන්දියාව තීරණය කළා.

ඒ අනුව ඉන්දියාව ක්‍රීඩා කළ සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

පාකිස්තානය හා ඉන්දියාව අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම 2008 වසරෙන් පසුව මෙතෙක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...