පළමු යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිම වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව මෙරට වේලාවෙන් ඊයේ(11) රාත්‍රියේ නිමා වුණා.

ඒ වන විට Wormsley හි පැවැති තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරුවන් වූ පුලිදු පෙරේරා ලකුණු 34 ක් හා සදෙව් සමරසිංහ ලකුණු 20 ක් රැස් කළා. ශරුජන් ශන්මුගනාදන් ලකුණු 73 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළ අතර, ගයන වීරසිංහ ලකුණු 33 කට දැවී ගියා. මහිත් පෙරේරා නොදැවී ලකුණු 20 ක් හා නායක දිනුර කලුපහන නොදැවී ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. පන්දු යැවීමේ දී Jaydn Denly කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත යොවුන් පිල කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 247 ක් පමණයි.

Freddie McCann ලකුණු 92 ක් හා කේෂන ෆොන්සේකා ලකුණු 86 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ප්‍රවීන් මනීෂ ලකුණු 56 කට කඩුලු 6 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා ලකුණු 324 ක් ලබා ගත්තා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 37 ක් තුළ දැවී ගිය පසුබිමකයි.

දිනුර කලුපහන ලකුණු 104 ක් ලබා ගත්තේ පන්දු 144 කින් හයේ පහරක් හා හතරේ පහර 13 ක් සමගින්. දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 43 කට දැවී ගිය අතර, නාදන් කල්දේරා ලකුණු 55 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී AM French කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 81 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...