Abu Dhabi T10 : අසංලක පරදා තීක්ෂණගේ ග්ලැඩියේටර්ස් ශූරතාවය දිනයි

Date:

2024 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ(2) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයෙන් Morrisville Samp Army කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Morrisville Samp Army කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 104 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 10 නිමා කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 34(23) ක් රැස් කළ අතර, Andries Gous ලකුණු 21 යි. කරීම් ජනත් නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා. චරිත් අසලංක දැවී ගියේ ලකුණු 13(6) ක් රැස් කර ගෙන සිටියදීයි.

පන්දු යැවීමේදී රිචර්ඩ් ග්ලීසන් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 20 ක් ලබා දෙමින්. අන්රික් නොකියා, උස්මාන් තරික් හා ඉබ්‍රාර් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායම පන්දුවාර 6.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටොම් කොහ්ල-කැඩ්මෝර් පන්දු 21 කින් ලකුණු 56 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්. නිකලස් පූරාන් ලකුණු 28(10) යි. පන්දු යැවීමේ දී ඉසුරු උදාන හා අමීර් හම්සා කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...