2nd Test : රානාගේ කඩුලු 5 හමුවේ තරගයේ පාලනය බංග්ලාදේශයට

Date:

නහිද් රානාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(3) අලුයම නිමා වුණේ තරගයේ පාලනය බංග්ලාදේශයට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි අතර, ඒ අවුන ඔවුන් දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 211 ක්.

ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 164 කට දැවී ගියා. තෙවැනි දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා ස්ථාවර මට්ටමක පසු වූ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

මුල්පෙල පිතිකරුවන් තිදෙනා වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 39 ක්, Mikyle Louis ලකුණු 12 ක් හා කේසි කාර්ති ලකුණු 40 ක් රැස් කළා. නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නහිද් රානා කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 61 ක් ලබා දෙමින්. හසාන් මහ්මුද් කඩුලු දෙකක් බිද හෙලුවා.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරයෙන්ම මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු නොලබා දැවී ගිය අතර, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 46 ක් හා නායක මෙහිදි හසාන් මිරාස් ලකුණු 42 ක් රැස් කළා. ජේකර් අලී නොදැවී ලකුණු 29 යි. ශහඩාට් හොසේන් ලකුණු 28 ක් හා ලිටොන් දාස් ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ශමාර් ජෝසප් ලකුණු 70 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...