Abu Dhabi T10 පළමු තරගයෙන් Gladiators කණ්ඩායමට ලකුණු 22 ක ජයක්

Date:

2023 Abu Dhabi T10 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් New York Strikers කණ්ඩායම පරදා ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම අද(28) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Strikers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Gladiators කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 118 ක් ලබා ගත්තා.

Tom Kohler-Cadmore ලකුණු 68 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 33 කින්. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Strikers කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

Muhammad Waseem ලකුණු 26 ක් හා Asif Ali ලකුණු 24 ක් රැස් කළා. කුසල් පෙරේරා ලකුණු 11කට දැවී ගිය අතර, චාමික කරුණාරත්න නොදැවී ලකුණු දෙකයි.

පන්දු යැවීමේ දී Zahoor Khan ලකුණු 12 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...