අසාම් ඛාන්ට පැනවූ දඩය ඉවත් කෙරේ

Date:

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන National T20 Cup තරගාවලියේ දී අසාම් ඛාන්ට එරෙහිව ඔහුගේ තරග ගාස්තුවට 50% ක දඩ මුදලක් පැනවීමට ගත් තීරණය සංශෝදනය කරමින් එම දඩ මුදල පැනවීම අවලංගු කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එම තරගාවලියේ දී අසාම් ඛාන් විසින් සිය පිත්තේ පලස්තීන ධජය ප්‍රදර්ශනය කිරීම හේතුවෙනුයි ඔහුට අදාළ දඩ මුදල නියම කර තිබුණේ.

මෙම තරගාවලියේ දී Karachi Whites කණ්ඩායම නියෝජනය කරන අසාම් ඛාන් පසුගිය ඉරිදා Lahore Blues කණ්ඩායම සමග පැවැති තරගයේ දී මෙලෙස පලස්තීන ධජය සිය පිත්තේ ප්‍රදර්ශනය කර තිබූ අතර, එය ඉවත් කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව ඔහුට අදාළ දඩ මුදල නියම කර තිබූ නමුත්, එම තීරණය යළි සංශෝදනය කිරීමට හේතු වූ කරුණු කුමක්දැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...