විදෙස් තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර නැහැ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විදෙස් රටවල්හි සංවිධාන කරන කිසිදු තරග රටාවක තරගාවලි සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව daily news වාර්තා කරනවා.

ඒ, මෙම වසරේ දී ජාතික කණ්ඩායමට යෙදී ඇති කාර්යය බහුල තරග කාලසටහන හේතුවෙන්.

විදෙස් රටවල සංවිධාන කෙරෙන T10 සහ T20 තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම වසර ආරම්භයේ සිටම සහභාගී වීමට නියමිතව තිබුණා.

ලබන 14 වනදා එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට එක්වීමට නියමිත අතර, අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වූ අතර, තරගාවලිය 0-2ක් ලෙස පරාජයට ද පත් වුණා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...