ඔස්ට්‍රේලියාව 166/2

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(7) ආරම්භ වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමු දිනය පන්දුවාර 55කට සීමා කෙරුණා.

සිඩ්නිහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 166ක්.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ විල් පුකොව්ස්කි ලකුණු 62ක් රැස් කළා.

ඔහු දවා ගැනීම සදහා ලද අවස්ථා 3ක් පමණ ඉන්දීය පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

මර්නස් ලබුෂේන් ලකුණු 67ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 31ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් සහ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නව්දීප් සයිනි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...