සියලු එංගලන්ත ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වෙයි

Date:

මොයීන් අලී හැරුණු විට එංගලන්ත ටෙස්ට් සංචිතයේ සෙසු සියලු ක්‍රීඩකයින් ඊයේ(5) මුහුණ දුන් කොරෝනා වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද හම්බන්තොට දී පුහුණුවීම් කටයුතු ද ආරම්භ කළා.

කෙසේ වෙතත්, සියලු ක්‍රීඩකයින් හෙට(7) දිනයේ දී තෙවැනි වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීමට නියමිතයි.

එංගලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන් මුහුණ දුන් පළමු වෛද්‍ය පරීක්ෂණයේ දී අණාවරණය වූයේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ඒ අනුව ඔහුව දින 10ක කාලයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.

ඔහුගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස හදුනා ගැණුනු ක්‍රිස් වෝකස් ද දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙන් ද සමත් වී ඇතත්, ඔහු තවදුරටත් ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

මේ අතර, ලබන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණවලට ලක් වීමට නියමිතව තිබෙනවා.

ඔවුන් දකුණු අප්‍රිකා සංචාරය නිමා කර විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණෙන නමුත්, අනතුරුව නිරෝධායන කාලයක් ගත කරන්නේ නැහැ.

ඒ, එරට දී නිර්මාණය කෙරුණු ජෛව ආරක්ෂිත බුබුලෙන් මෙරට නිර්මාණය කෙරෙන ජෛව ආරක්ෂිත බුබුලට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෘජුව එක් වන බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...