“මෙන්ඩිස් ගැන තීරණයක් ගන්න අපි සාකච්ඡා කරනවා” – දිමුත් කරුණාරත්න

Date:

කුසල් මෙන්ඩිස් ඉදිරි තරග සදහා යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කියා සිටියා.

මෙවර දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී කුසල් මෙන්ඩිස් ඉනිම් 4 තුළ දී ලකුණු 12ක් පමණක් රැස් කළ අතර, ඊට ලකුණු නොලබා දැවී යාම් 3ක් ද ඇතුළත් වුණා.

ඒ හේතුවෙන් කණ්ඩායමේ ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශව ප්‍රශ්න කරන බවක් දක්නට ලැබෙනවා.

“අපි ඒ ගැන සාකච්ඡා කරනවා.” යනුවෙන් දිමුත් කරුණාරත්න සදහන් කළා. “කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් දෙනවාද? නැත්නම් ඔහුට පොඩි විවේකයක් ගන්න දීල වෙන ක්‍රීඩකයෙක්ව යොදා ගන්වනද කියලා අපි සාකච්ඡා කරනවා.”

ඔහුට ලබා දුන් අවස්ථා ප්‍රමාණය සීමාව ඉක්මවා ඇති බවට එල්ල වන චෝදනා සම්බනධයෙන් ද මාධ්‍යවේදියෙකු මෙහිදී දිමුත් කරුණාරත්නගෙන් ප්‍රශ්න කර සිටියා.

“කුසල් මෙන්ඩිස් හොදින් දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. නමුත් අඛණ්ඩව දක්ෂතා දක්වන්න තමයි ඔහුට අවස්ථාව ලැබිලා නැත්තේ. පීඩනයෙන් ඉන්නකොටයි ඔහුට ලකුණු අතරට එන්න බැරි.අපි බලනවා ඔහුට පොඩි විවේකයක් දීලා සුපුරුදු රිද්මයට ගේන්න. ඔහු හොද ක්‍රීඩකයෙක්. ඔහුව සංචිතයේ තියාගෙනම පුහුණුවීම් කරවගෙන යනවාද කියලත් අපි සාකච්ඡා කරමින් ඉන්නෙ”

කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් සහ ඉදිරි තරග සදහා යොදා ගන්නා සංචිතය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...