අවිශ්ක සහ ගේල් ක්‍රීඩා කරන කණ්ඩායමේ උපදේශක ධූරය සංගක්කාරට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට මෙවර අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී උපදේශක තනතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව අබුඩාබි කණ්ඩායමේ (Team Abu Dhabi) උපදේශක ලෙස ඔහු කටයුතු කිරීමට නියමිත බවයි එම කණ්ඩායම විසින් නිවේදනය කර ඇත්තේ.

අබුඩාබි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිත අතර, පෙබරවාරි 6 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇති.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, අජන්ත මෙන්ඩිස් – පූනේ ඩෙවිල්ස්, ළහිරු කුමාර – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්,
චාමර කපුගෙදර – පූනේ ඩෙවිල්ස්, දසුන් ශානක – දිල්ලි බුල්ස්, මහේෂ් තීක්ෂණ – නොදන් වොරියර්ස්, අවිශ්ක ප්‍රනාන්දු – අබුඩාබි කණ්ඩායම, තිසර පෙරේරා – පූනේ ඩෙවිල්ස් (Icon player), ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player), භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්, නුවන් ප්‍රදීප් – නොදන් වොරියර්ස්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...