ඉනිමක ජයක් සමගින් තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් ඔවුන් ඉනිමක හා ලකුණු 176ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ සිව්වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

අසාර් අලී සහ සෆාර් ගොහාර් ලකුණු 37 බැගින් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ක්යිල් ජමිසන් ලකුණු 48කට කඩුලු 6ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමුට රැස් කළ ලකුණු සංඛ්‍යාව 297ක්.

පිළිතුරු ලෙස නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 659ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ

එහිදී නායක කේන් විලියම්සන් ලකුණු 238ක් රැස් කළ අතර හෙන්රි නිකල්ස් ලකුණු 157 ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 369ක්.

මෙම ජයග්‍රහනයත් සමගින් නවසීලන්තය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...