PSL ඉහළම මිල සහිත ඛාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන 10 වනදා ලාහෝර් නුවර දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා මේ වන විට ක්‍රිස් ගේල්, ක්‍රිස් ලින්, රෂීඩ් ඛාන් සහ ඩේල් ස්ටෙන් වැඩි ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් ද ඉදිරිපත් වීමට තීරණය කර අවසන්.

ඔවුන් ඇතුළුව ක්‍රීඩකයින් 25ක් ඉහළ වටිනාකමකින් යුත් විදෙස් ක්‍රීඩකයින්ගේ ඛාණ්ඩයට (Platinum category) ඇතුළත් බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

එනම් ඉසුරු උදාන සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයින් දෙදෙනායි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් සිය සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකු රදවා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

Platinum category –

PCB

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...