ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරු බංග්ලාදේශයට

Date:

ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු සහ ඩර්හැම් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ ජෝන් ලුවිස් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇති බව අද(5) තහවුරු කෙරුණා.

ඔහු එළඹෙන 7 වනදා ඩකා නුවරට ළගා වීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අරමුණු කර ගනිමින්.

ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරග 3කින් යුත් කොදෙව් පිලේ බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ලබන 10 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...