මෙන්ඩිස් අඛණ්ඩව තෙවැනි වරටත් ලකුණු නොලබා දැවී යයි – ශ්‍රී ලංකාව ලකුණු 5ක් ඉදිරියෙන්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(4) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ළහිරු තිරිමාන්න ලකුණු 31කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේ දී ද ලකුණු නොලබා දැවී ගියා.

ඔහු අවසන් ඉනිම් ත්‍රිත්වයේ දී ම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 302කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

සිය 13 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ඩීන් එල්ගර් ලකුණු 127ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 67යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 5ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...