විලියම්සන්ගෙන් ශතකයක් – නවසීලන්තය ලකුණු 11ක් පිටුපසින්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(4) නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 286ක් ලබා සිටියා.

නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 112ක් සහ හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 89ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, මොහොමඩ් අබ්බාස් සහ ෆහීන් අශ්රෆ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 297ක් පමණයි.

අසාර් අලී ලකුණු 93ක්, නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 63ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ ද ක්යිල් ජමිසන් කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට නවසීලන්තය සිය පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 11ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...