ශ්‍රී ලංකාවට ආ එංගලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයක් ආරම්භ කර සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී යි මේ බව අණාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහුව දින 10ක කාලයක් හුදෙකලා කිරීමට ලක් කර ඇති බව සදහන්.

ඒ හේතුවෙන් මොයීන් අලීට ලබන 14 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනවා.

ඔහු එංගලන්තයෙන් පිටව යාමට පෙර මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබුණේ නැහැ.

මොයීන් අලීගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස ක්‍රිස් වෝක්ස් හදුනා ගෙන ඇති අතර, ඔහුට ද මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් වීමට සිදුව තිබෙනවා.

හෙට(5) දිනයේ දී එංගලන්ත ක්‍රීඩකයින් යළි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

අනිද්දා දිනයේ සිට එංගලන්ත ක්‍රීඩකයින් පුහුණුවිම් ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...