දකුණු අප්‍රිකාවත් ආබාධ අර්බුදයට මුහුණ දෙයි

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Glenton Stuurman ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ඔහු වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

“Glenton Stuurman has been released from the Proteas Test squad after suffering a left quadriceps muscle strain” යනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණා.

දකුණු උරහිසෙහි ආබාධයකට ලක්ව සිටින Migael Pretorius සංචිතයෙන් ඉවත් කිරීමට ද මීට පෙර පියවර ගැණුනා.

මේ අතර, දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

එමෙන්ම ආබාධයකට ලක්ව සුව අතට පත් වූ කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...